Connect with us

පුවත්

ලලිත් – කුගන් අතුරුදහන් වීමේ පරීක්ෂණ යළි ඇරඹේ

Published

on

මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.
දෙදෙනා අතුරුදහන් වී ඇත්තේ 2011 වර්ෂයේදී  බවද අමාත්‍යවරයා කීවේය.

මෙම නඩුව 2014 වර්ෂයේදී අවසන් වරට කැඳ වූ අවස්ථාවේදී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කළ බවත් මේ පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නැති හෙයින් වැඩබලන පොලිස්පති අලුතින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇති බවත් විජේපාල මහතා කීය.

එහි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය  එම විමර්ශන ආරම්භ කරන බවද ඔහු කීවේය.

(ලංකාදීප)

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

පුවත්

මහ බැංකුව පිරමීඩ තහනම් කළාට CIDයේ නඩු දැමිල්ල ඉබි ගමනේ!

Published

on

By

නීති විරෝධී පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 22 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්කර ඇතත්, එම එකදු ආයතනයකට විරුද්ධව නඩු පවරා නැතැයි වාර්තා වේ.

පිරමීඩාකාර යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (08) පැවැති වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නීති විරෝධී පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ගොනු භාරදී ඇත.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය විසින් සිදු කර ඇත.

කෙසේනමුත්, මෙම විමර්ශන සම්පූර්ණයෙන් අවසන්වීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පැවරීමට නියමිත වූවත්, මෙතෙක් ඊට අදාළව එකදු නඩුවක්වත් පවරා නැතැයි අනාවරණය වේ.

මෙම පිරමීඩාකාර ආයතන සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද මහ බැංකුව කියයි.

මේ වසර අවසානයේදී හෝ ලබන වසර (2026) මුලදී මෙම නීති විරෝධී පිරමීඩ ක්‍රම පවත්වන ආයතනවලට විරුද්ධව නඩුවක් හෝ දෙකක් ගොනු කෙරෙනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂාවෙන් පසුවෙයි.

Continue Reading

කැබිනට් තීරණ

දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 7,500ක දීමනාවක්

Published

on

By

දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ.

වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස මෙසේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම තීරණය 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මක වේ. 

දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved