පුවත්

ලලිත් – කුගන් අතුරුදහන් වීමේ පරීක්ෂණ යළි ඇරඹේ

Published

on

මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.
දෙදෙනා අතුරුදහන් වී ඇත්තේ 2011 වර්ෂයේදී  බවද අමාත්‍යවරයා කීවේය.

මෙම නඩුව 2014 වර්ෂයේදී අවසන් වරට කැඳ වූ අවස්ථාවේදී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කළ බවත් මේ පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නැති හෙයින් වැඩබලන පොලිස්පති අලුතින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇති බවත් විජේපාල මහතා කීය.

එහි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය  එම විමර්ශන ආරම්භ කරන බවද ඔහු කීවේය.

(ලංකාදීප)

Trending

Exit mobile version