Connect with us

පුවත්

පාස්කු ප්‍රහාර ගැන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් දැනගෙන සිටියා (වීඩියෝ)

Published

on

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටි බවත්, එහි සිටිමින් පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ දැනුවත්ව සිටි බවට සාක්ෂි හා තොරතුරු මඟින් තහවුරු වී ඇති බව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සමඟ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ද බන්ධනාගාරගතව සිට ඇති බවද, ඔවුන් පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

පිල්ලෙයාන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට සාධාරණ සැකයක් මේ හරහා ඉස්මතු වන බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

🎬 ©️  වීඩියෝ  -Voice Tube

පුවත්

ඇසළ පුන් පොහොය දිනය අදයි

Published

on

By

ඇසළ පුර පසලොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් බෞද්ධ ජනතාවට වැදගත් වේ.

සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී බව ඉතිහාස පොත්පත්වල අන්තර්ගත වේ.

වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබු බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිනිශ්ක්‍රමනය  කළේද අද වැනි පුන් පොහෝ දිනකදී ය.

Continue Reading

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved