Connect with us

පුවත්

අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

Published

on

අද (16) විරෝධතා පාගමනයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් පිරිසකට කොල්ලුපිටිය ප්‍රදේශයේදී හා නෙළුම් පොකුණ රඟහල ආසන්නයේදී කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල වී තිබේ.

තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර – බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණු අතර, ඒ ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර දෙසට ඇතුළුවීම වළක්වාලමිනි. කෙසේවෙතත් ගාලුමුවදොරට ඇතුළුවීමකින් තොරව උද්ඝෝෂකයින්ට විරෝධය සිදුකිරීමට බාධාවක් නොවන බව අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

මේ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ද අවහිර වී තිබුණු බව වාර්තා වේ.

පුවත්

“සිරිකොත අපට දෙන්න”

Published

on

By

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමඟි ජන බලවේගය වෙත භාර දෙන ලෙස එම පක්ෂය  ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා  ඊයේ (31) මේ බව සඳහන් කලේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ තිබූ අකුණු සන්නායකයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සුජීව සේනසිංහ මහතා මේ බව පවසා සිටියේය.

සිරිකොත යනු ඔවුන්ගේ මහගෙදර බවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂයේ හිටපු නායකයන් ගැන යම් හෝ ආදරයක් ඇති නම් එය සමඟි ජන බලවේගය වෙත භාර දිය යුතු බව සුජීව සේනසිංහ මහතා මෙහිදී සඳහන් කලේය.

“සිරිකොත ඉතාම අන්තරාදායක තැනක තියෙන්නේ. සිරිකොත කියන්නේ අපේ මහගෙදර, අපිට තමා ඕක අයිති වෙන්නේ. අන්තිම වශයෙන් හරි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිරිකොතයි  UNP එකයි අපිට භාර දෙන්න පුළුවන්නම් එතුමාට පොඩ්ඩක් හරි පවු කමා කරගන්න පුළුවන් වෙයි”

Continue Reading

පුවත්

අස්වැසුම ලබාගන්න තවත් අවස්ථාවක්

Published

on

By

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ අස්වැසුම දෙවැනි අදියර ලෙස ජූලි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24 කට ගෙවීම කරන්න බලාපොරොත්තු වන බවය.

මේ සඳහා හිමිකම් ඇති පවුල් මේ වන තෙක් අස්වැසුම ප්‍රතිලාභීන් හැටියට ඉල්ලුම් කරලා නොමැති නම් ඒ අය සඳහා ඉල්ලුම් කිරීමට තවදුරටත් අවස්ථාවක් ලබා දෙන බවත්, අස්වැසුමේ රෙගුලාසී හා ගෙවීම් සම්බන්ධයෙන් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා විසින් මෙහිදී දැනුම් දෙන ලදී.

Continue Reading

පුවත්

කජු ලෙලි පිටින්ගේන්න අවසර දෙයි

Published

on

By

දේශීය පාරිභෝජනය සඳහා වසර පහක කාලයක් සඳහා ලෙලි කජු ආනයනය කිරීමට රජය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා වූ කාලය තුළ මෙසේ ලෙලි කජු ආනයනය කිරීමට නියමිතය. 

ඒ අනුව මේ වසරේදී මෙට්‍රික් ටොන් 15,000 ක උපරිමයකට යටත්ව ලෙලි කජු ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවී ඇත.

ඉදිරි වසර සඳහා ආනයනය කිරීමට නියමිත කජු ප්‍රමාණය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කජු සංස්ථාව, මුදල් අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය එක්ව තීරණය කිරීමට නියමිතය. ලෙලි කජු ආනයනය කිරීමේදී සෙස් ඇතුළු බදු සහන ලබාදීමටද කටයුතු යොදා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved