Connect with us

පුවත්

නාම යෝජනා අදින් ඉවරයි; ඡන්දය තියන දිනෙත් අද කියනවා

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) මධ්‍යහ්න 12.00න් අවසන්වීමට වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ පැවැත්වෙන දිනය ද  ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව  මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව තේරිම් භාර නිලධාරින් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ඊයේ (20) මධ්‍යාහ්න 12.00 දක්වා කාලය ලබාදී තිබූ අතර නාමයෝජනා භාර ගැනීම පසුගිය 18 වනදා ආරම්භ විය.

මේ අතර අදින් පසුව එළඹෙන මැතිවරණ ප්‍රචාරක කාලසීමාව තුළ සාමකාමි ලෙස කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved