ආණ්ඩුවේ බදු බර මග හැර ඉංජිනේරුවෝ තුන්සියයක් රට හැර යාමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා කියයි.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ රාජ්‍ය සේවයේ සමස්ත ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 1536 ක් බවත්, ඉන් 436ක් පමණ දැනටමත් රට හැර ගොස් ඇති බවයි.
300ක් රට යාමට අවශ්‍ය කටයුතු සකස් කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු අවධාරණය කර සිටී.
මෙම වසර මැද සිට මෙරට ඉංජිනේරු සේවාව බරපතළ අර්බුදයකට පත්වන බවත් මාර්ග, වාරි මාර්ග, ගොඩනැගිලි, පළාත් සභා හා පළාත් පාලන, ඉදි කිරීම් ඇතුළු රාජ්‍ය සේවාවේ සංවර්ධන කටයුතු 50%කින් පමණ අඩාල වනු ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.
අසාධාරණ බදු, බැංකු ණය සඳහා පොලී ඉහළ දැමීම, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම, ඖෂධ මිල ඉහළ යාම ඇතුළු සේවාවන් වෙනුවෙන් දැරීමට සිදුව ඇති වියදම ලැබෙන වැටුපෙන් ගෙවා දැමීමට නොහැකිවීම මත ඉංජිනේරුවෝ රට හැර යාමට තීරණය කර තිබෙන පොදු කාරණා බවද ඔහු පෙන්වාදෙයි.
ඉංජිනේරු හිඟයෙන් ලබන වසරේ සිට මහා පරිමාණ ඉදි කිරීම් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යවීමේ අවදානමක් පවතින බවත් රට හැර යන ඉංජිනේරුවන්ගෙන් රටට විදේශ මුදල් ගලා ඒමක් පිළිබඳවද සැකයක් පවතින බවත් රජයේ අරමුණ ඉටුවීම පසු බැසීමේ තත්ත්වයක් හට ගන්නා බවද හෙතෙම කියා සිටී.
රටහැර යාමට සූදානම්වන ඇතැම් ඉංජිනේරුවන් සිය පවුල පිටින් රට යාමට සූදානම්වන බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම තීරණ ගෙන තිබෙන බවද ඔහු පෙන්වාදෙයි.