Connect with us

පුවත්

සුදේව නිහැඬියාව බිඳියි ! (වීඩියෝ)

Published

on

රංගන ද සිල්වා විසින් ආරම්භ කළ YouTube නාලිකාව තුලින් ඔහුගේ අතිජාත මිත්‍රයා වන සුදේව හෙට්ටිආරච්චිද කලඑලි බැස තිබේ.

කලා ශිල්පීන් සමඟ සමීපව ඇසුරු කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන රංගන ද සිල්වාගේ YouTube නාලිකාවේ, දේශපාලන වැඩසටහන් සඳහා ආරම්භය ලබා දෙමින් සුදේව හෙට්ටිආරච්චි තිරය ඉදිරියට පැමිණ ඇත.

On The Spot With Sudewa නමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහනේ පළමු සංවාදය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමඟය.

කාලීන, සමාජයීය, දේශපාලන අංශයන්ගෙන් වැදගත්වන්නා වූ කරුණු මෙම වැඩසටහනෙන් සාකච්ඡාවට ලක් කිරීම මේ වැඩසටහනේ අදහස බව ඔවුන් කියා සිටී.

සම්පූර්ණ සාකච්ඡාවට මෙතනින්

පුවත්

Online ටිකට් වංචාව ගැන CIDයෙන් අධිකරණයට දැනුම්දීමක්

Published

on

By

දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළේය.

මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින සැකකරුවන් සිව්දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඉන්දීය අගමැති මෝදි වෙත ජනපතිගෙන් X සටහනක්, හිටපු ජනපති රනිල්ගෙන් ලිපියක්

Published

on

By

ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.

ප්‍රහාරය හෙළාදකිමින් හා විපතට පත්වුවන්ට ශෝකය පළ කරමින් ජනාධීපතිවරයා සිය X ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එම සටහන,

මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කාශ්මීරයේ පහල්ගම්හි සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ වෙඩි තැබිමේ සිදුවීම තමන් විසින් දැඩිව හෙලා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

විපතට පත් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පලකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීම ද හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපිය,

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වසරක් පාසා දළදා වන්දනාවක්!

Published

on

By

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved