රංගන ද සිල්වා විසින් ආරම්භ කළ YouTube නාලිකාව තුලින් ඔහුගේ අතිජාත මිත්‍රයා වන සුදේව හෙට්ටිආරච්චිද කලඑලි බැස තිබේ.
කලා ශිල්පීන් සමඟ සමීපව ඇසුරු කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන රංගන ද සිල්වාගේ YouTube නාලිකාවේ, දේශපාලන වැඩසටහන් සඳහා ආරම්භය ලබා දෙමින් සුදේව හෙට්ටිආරච්චි තිරය ඉදිරියට පැමිණ ඇත.
On The Spot With Sudewa නමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහනේ පළමු සංවාදය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමඟය.
කාලීන, සමාජයීය, දේශපාලන අංශයන්ගෙන් වැදගත්වන්නා වූ කරුණු මෙම වැඩසටහනෙන් සාකච්ඡාවට ලක් කිරීම මේ වැඩසටහනේ අදහස බව ඔවුන් කියා සිටී.
සම්පූර්ණ සාකච්ඡාවට මෙතනින්