Connect with us

පුවත්

ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

Published

on

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහය දෙන බව ලෝක බැංකු නියෝජිතයන් සඳහන් කර ඇත.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළහ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිස අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළහ.

ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ෂණයකට ලක් කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතයින් සිය අදහස් දැක්වූහ.

මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම, ස්වෛරී-මූල්‍ය අංශයේ සම්බන්ධතාවය සහ පද්ධතිමය අවදානම් අවම කිරීම, බැංකු අංශයේ ස්ථාවරත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ බෙදා හැරීම, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය වැඩි කිරීම, බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොළේ පුද්ගලික ප්‍රාග්ධනය සහ තරගය බළමුළු ගැන්වීම, සමාජ ආරක්ෂණ ආයතනය, බෙදාහැරීමේ පද්ධතිය සහ ඉලක්ක කිරීම ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් (Faris H. Hadad- Zervos) මෙරට කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ඇලේජන්ඩ්‍රෝ ඇල්වරෙස් ඩිලා කම්පා (Alejandro Alvarez dela Campa), මෙරට උපදේශක හුසාම් අබුඩාගා යන මහත්ම මහත්මීහු ඇතුළු ලෝක බැංකු නියෝජිතයෝ ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved