Connect with us

පුවත්

ඉම්රාන් ඛාන්ගේ නිවසට පාකිස්තානු පොලිසිය කඳුළු ගෑස් ගහලා

Published

on

පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

ඒ හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ කිරීමත් සමගයි. 

එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉම්රාන් ඛාන්, අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ  සමයේදී, විදෙස් රටවලින් රජය වෙත ලැබුණු විශේෂ ත්‍යාග ඔහු නීති විරෝධී ලෙස අලෙවිකර ඇති බවට චෝදනා එල්ල විය.

මීට අදාළ  නඩුවක් සම්බන්ධයෙන්, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා පාකිස්ථානු අධිකරණය නියෝග නිකුත් කළේ ය. 

නමුත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී නොමැත.

පුවත්

පොහොට්ටුව අද නෙළුම් මාවතේ රැස්වේ

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබේ

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම එහි අරමුණයි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (07) පැවැත්විය.

එහිදී තීරණය කර ඇත්තේ, පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්මින් මේ මස අග සිට ආරම්භ කිරීමටයි.

Continue Reading

පුවත්

අද වැසි තත්ත්වයේ වැඩිවීමක්

Published

on

By

අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

සමාජ මාධ්‍ය අපහාසයකට යුද හමුදාපති තුනකට නඩු පවරයි

Published

on

By

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (07) නඩු පැවරීය.

නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත .

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව( සමාජ මාධ්‍ය පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත .

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved