Connect with us

පුවත්

මහජන බැංකුව කරුණු පහදයි

Published

on

මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් ඍජුව හෝ වක්‍රව සිය ආයතනය වෙත ඉල්ලීම් කර හෝ උපදෙස් ලබාද නොමැති බව එම බැංකුව පවසයි.

මහජන බැංකුව මෙසේ පවසා ඇත්තේ මේ පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද (17) දිනයේ නිවේදනයක් නිකුත් කරමිනි.

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලු සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ “දිනමිණ” පුවත්පත වාර්තා කර තිබුණි.

මහජන බැංකුව විසින් නිකුත් කර තිබූ මාධ්‍ය ප්‍රකාශනය මෙසේය :

සබැඳි පුවත් :

මහජන බැංකුව අනතුරේ! ; තැන්පත් කරුවෝ සල්ලි අදියි

පුවත්

ජපාන විදේශ ඇමතිනි ලංකාවට

Published

on

By

දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ලබන මැයි 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම සංචාරයේදී ඇය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ඇය කොළඹ වරායේ නිරීක්ෂණ සංචායකට ද එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන්ද ඇය සමග සාකච්ඡා කිරීමට මෙරට බලධාරීන් සූදානමින් සිටින බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Continue Reading

පුවත්

ජනපතිවරණය ප්‍රකාශ කලොත් දින 50ක් ඕන ඡන්දය තියන්න

Published

on

By

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට දින 50ක් පමණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා කියයි.

ඒ මහතා සති අන්ත පුවත්පතකට මේ බව පවදා ඇති අතර යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බවද පවසා තිබේ.

එසේම, ඉදිරියේ ජනාධිපතිවරණයක් නියමිතව තිබියදී මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාල වකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Continue Reading

පුවත්

ගුරු පුරප්පාඩු 40,000 ක්

Published

on

By

මේ වන විට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇතැයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

බස්නාහිර පළාතේ  7000ක් පමණ පිරිසක්ද, උතුරුමැද පළාතේ 3800ක්ද, නැගෙනහිර පළාතේ 3698ක්ද, දකුණු පළාතේ 3199ක් සහ මධ්‍යම පළාතේ 6200ක පමණ ගුරු හිඟයක් පවතින බව පැවසේ.

බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවාගත් 2200ක පමණ පිරිසක් තවමත් විධිමත් ලෙස ස්ථානගත කර නොමැති අතර, මෙම තත්ත්වය යටතේ ඉදිරි පාසල් වාරය ආරම්භ වන විට සිසුන්ට විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන අතර, රජයේ වියදම් අවම කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් නිසි පරිදි ගුරුවරුන්ට පත්වීම් ලබා දීම කල් දමමින් සිටින බවද ඔහු සඳහන් කළේය. 

අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා තබා 2024 වසර සඳහා ජාතික පාසල්වලට ස්ථානමාරු අයැදුම්පත්‍ර ලබා දීමට හෝ මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

මූලාශ්‍රය – දේශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved