Connect with us

පුවත්

හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා අත්අඩංගුවට

Published

on

රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන්  විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.

නඩුවේ විත්තිකාර ජේ.ශ්‍රිරංගා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වවුනියාව (මන්නාරම) මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුව කොහුවල පොලිසියේ නිලධාරීන්  කණ්ඩායමක් විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජේ.ශ්‍රිරංගා මහතා අධධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී  රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ජේ.ශ්‍රිරංගා මහතා නඩු විභාගයට ඉදිරිපත් නොවීම සහ නඩුවේ සාක්කිකරුවකු බියවද්දා ඔහුට තර්ජනය කළැයි කියමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළේය.

2011 මාර්තු 30 වැනිදා වව්ුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකගේ මරණය සිදු කෙට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරය විසින් ජේ.ශ්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පවරන ලදී.

මෙම නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට විත්තිකාර ජේ.ශ්‍රිරංගා මහතා විසින් දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කොට ඇති බවටත් පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට බලපෑම් කළ බවටත් ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

ඒ අනුව ඔහු වහාම අතත්අඩංගුවට ගන්නා ලෙස නියයම කරමින් මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.

ඒ වන විට රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටි ජේ.ශ්‍රිරංගා මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

(ලංකාදීප)

ක්‍රීඩා

ලංකාවට තවත් පදක්කමක්

Published

on

By

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනූ තෙවන පදක්කම මෙය වේ.

Continue Reading

පුවත්

ජපාන විදේශ ඇමතිනි ලංකාවට

Published

on

By

දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ලබන මැයි 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම සංචාරයේදී ඇය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ඇය කොළඹ වරායේ නිරීක්ෂණ සංචායකට ද එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන්ද ඇය සමග සාකච්ඡා කිරීමට මෙරට බලධාරීන් සූදානමින් සිටින බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Continue Reading

පුවත්

ජනපතිවරණය ප්‍රකාශ කලොත් දින 50ක් ඕන ඡන්දය තියන්න

Published

on

By

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට දින 50ක් පමණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා කියයි.

ඒ මහතා සති අන්ත පුවත්පතකට මේ බව පවදා ඇති අතර යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බවද පවසා තිබේ.

එසේම, ඉදිරියේ ජනාධිපතිවරණයක් නියමිතව තිබියදී මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාල වකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved