Connect with us

පුවත්

ඉන්දීය බිත්තර අද නොවෙයි හෙට 

Published

on

ඉන්දීය බිත්තර අද නොවෙයි හෙට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවය.

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කරනු ලැබීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව සඳහන් කළේ අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව ඇති බවය.

රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට එම බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බවද වාර්තා වේ.

අදාළ බිත්තර තොගය ලංකාවට පැමිණෙන බවට මසක පමණ කාලයක සිට ප්‍රකාශ කරමින් සිට පසුව බිත්තර ආනයනය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා මීට පෙර නිලධාරියෙකු ඉන්දියාවට ද පිටත්කර යැවීය.

සබැඳි පුවත්

ඉන්දියාවෙන් බිත්තර පටවගෙන එන්න ඇමති නලින් ගෝලයෙක් යවයි!

වෙළඳ ඇමති බිත්තර කේස් එකක්ට මස්සිනා මරන්න සොයනව? (වීඩියෝ)

නලින්ගේ බිත්තර එන්නේ කුරුළු උණ වැඩියෙන්ම ඇති තමිල්නාඩුවෙන්!

නලින්ගේ බිත්තරේ රටින් එද්දී බිත්තර කුකුළු පැටව් වෙයි?

පුවත්

රජයේ ලොක්කෝ වාහන පර්මිට් විකුණයි

Published

on

By

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ.

මෙම වාහන බලපත්‍රය ලබාදී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබා දුනහොත් වැරදි මතයක් සමාජගත විය හැකි හෙයින් මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.

එසේම රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.

වාහන ආනයනය තහනම් කිරීමක් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදුවී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.

(ලංකාදීප)

Continue Reading

පුවත්

විදුලිබිල 20%කින් අඩුවේ?

Published

on

By

විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිබිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  මහතා   ප්‍රකාශ කරන්නේ,   විදුලිබල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන  විදුලිය බිල 20%කින් අඩුකර එම සහනය  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්තකරුවන්ට  නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි  විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී  ඉහළ යෑම  මණ්ඩලයේ  මූල්‍ය කාර්ය   සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතිබව  කමිටුව පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ දී විදුලිබල මණ්ඩලය ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත්,

2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ  රුපියල් කෝටි 5100 ක මුදලද  ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

Continue Reading

පුවත්

බිත්තර ආනයනය නැවතත්

Published

on

By

බිත්තර ආනයනය කිරීමට නැවත රජය විසින් පියවර ගෙන තිබේ.

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත්,

ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයාවිසින්  වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved