Connect with us

පුවත්

වෙළඳ ඇමති බිත්තර කේස් එකක්ට මස්සිනා මරන්න සොයනව? (වීඩියෝ)

Published

on

වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තම මස්සිනා වුවද ඔහුට ඕනෑ තමන් මරා දැමීමට බව බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා කියයි.

අමාත්‍යවරයා විසින් සිදු කරන මෝඩ වැඩ නිසා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ වෙමින් ඇතැයිද හෙතෙම චෝදනා කරයි.

ඔහුTruth with Chamuditha යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව කියා සිටී.

 අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකාවට කුරුළු උණ දැනටමත් පැමිණ ඇති බවත්, හමුදාවට කෑමට දී ඇත්තේ කුරුළු උණ සහිත බිත්තර බවත් ඔහු කියා සිටියි.

අමාත්‍යවරයාගේ මෝඩ වැඩ නිසා බිත්තරයක් රුපියල් 70ට යන එක නතර කර ගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

අදාළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

පුවත්

On Arrival වීසා ගැටලුව ගැන ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Published

on

By

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන්  ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ දී පසුගිය නොවැම්බර් 23 වන දින විවාදයකින් තොරව ඒකමතිකව  සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත්  ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් පැවසු අමාත්‍යවරයා,

“ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ඩ් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි.”

“VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 ප්‍රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි. “

Continue Reading

පුවත්

රජයේ ලොක්කෝ වාහන පර්මිට් විකුණයි

Published

on

By

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ.

මෙම වාහන බලපත්‍රය ලබාදී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබා දුනහොත් වැරදි මතයක් සමාජගත විය හැකි හෙයින් මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.

එසේම රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.

වාහන ආනයනය තහනම් කිරීමක් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදුවී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.

(ලංකාදීප)

Continue Reading

පුවත්

විදුලිබිල 20%කින් අඩුවේ?

Published

on

By

විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිබිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  මහතා   ප්‍රකාශ කරන්නේ,   විදුලිබල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන  විදුලිය බිල 20%කින් අඩුකර එම සහනය  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්තකරුවන්ට  නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි  විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී  ඉහළ යෑම  මණ්ඩලයේ  මූල්‍ය කාර්ය   සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතිබව  කමිටුව පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ දී විදුලිබල මණ්ඩලය ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත්,

2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ  රුපියල් කෝටි 5100 ක මුදලද  ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved