Connect with us

පුවත්

ඔස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි (වීඩියෝ)

Published

on

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මත්ස්‍ය මරණ මුලින්ම වාර්තා වී ඇත්තේ ඊයේ දිනයේදීය. 

අදාල බලධාරීන් පවසන්නේ පසුගිය කාල වකවානුවේදී ගංවතුරෙන්ද බලපෑම් එල්ලවූ ඩාලිං නදියට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවයි.

මීට වසර 3කට පෙරද මීට සමාන සිදුවීමක් මෙනින්ඩී නගරයෙන් වාර්තා විය.

(වීඩියෝ : බීබීසී)

පුවත්

මන්ත්‍රී සුරේෂ් වතු හාම්පුතුන්ගේ වගකීම් ගැන මතක් කරයි

Published

on

By

වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා සඳහන් කලේ, ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වඩිවෙල් සුරේෂ් මහතා, 

“වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට සහ රජයට අපගේ ස්තූතිය පිරිනමනවා. නමුත් වතු හාම්පුතුන්ගේ සංගමය මීට අකුල් හෙළමින් සිටිනවා.  

ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන්ට, ඒ වගේම සිලෝන් ටී නාමය රැක ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවන කම්කරු ජනතාවට වැටුප් වැඩි කිරීමක් සිදු කිරිමට ගත් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක්. වතු සේවකයන්ගේ මෙම වැටුප් වැඩිකිරීම පිළිබඳ ගත් තීරණය  හදිසියේ ගත් තීන්දුවක් නොවෙයි. වසරක් පුරා කම්කරු දෙපාර්තමේන්තුව, වෘත්තීය සමිති සහ අදාළ පාර්ශ්වයන් සමග සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි එම තීරණය ගනු ලැබුවේ. 

හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගි වීම දිගින් දිගටම මඟ හරිමින් සිටියා. රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේ දී ද හාම්පුතුන්ගේ සංගමය මුනිවත රකිමින් සිටියා. නමුත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සිය බලය යොදා ගනිමින් රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් සඳහා නීත්‍යානුකූලව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඩොලරයේ අගය වෙනස් වීමත් සමඟ ජනතාවට සහන නොදී වතු සමාගම් කකුලෙන් ඇදීම අසාධාරණයි.

රජයට වගේම වතු හාම්පුතුන්ගේ සංගමයටත් මේ පිළිබඳ වගකීමක් පැවරි තිබෙනවා. ඒ නිසා සමාගම්වලට ආණ්ඩුවේ තීරණවලට විරුද්ධව යන්න බැහැ. වතු සමාගම් පවසන්නේ අවසන් තීරණය සඳහා ඉහළ මට්ටමේ කමිටුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. නමුත් සම්පූර්ණ වතු සමාගම් 22 ම අයිති පුද්ගලයින් පස් දෙනෙකුටයි. ඔවුන් තේ වතු ක්ෂේත්‍රයේ පමණක් නොව සංචාරක ව්‍යාපාරය, කුඩා පරිමාණ නිෂ්පාදන, කෘෂිකර්මාන්තය සහ මැණික් වැනි ක්ෂේත්‍රවල ද නිරත වනවා. ඒ වගේම වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති එක්ව මෙම වැටුප් වැඩිවීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.”

( ජනාධිපති මාධ්‍ය අංශය )

Continue Reading

පුවත්

මෛත්‍රී අදත් CID යයි

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

Continue Reading

පුවත්

වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර

Published

on

By

අද (03) පස්වරුවේ වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය  විසින් ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි.

මේ හේතුවෙන්, කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනය අවහිර වීම සිදුවිය.

නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved