Connect with us

කලා

පුස්සෝ ජනප්‍රිය කරන රයිගම්, සුමති හා සිරස සම්මාන!

Published

on

රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්ප, ශිල්පීන් පිරිසක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට සිය විවේචන ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

දේශීය ටෙලි සිනමාවේ ජනප්‍රිය හා කුසලතා පිරි හොඳම රංගන ශිල්ප ශිල්පිනීන් තෝරා ගැනීම සඳහා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා මගින් රයිගම්, සුමති හා සිරස යන ටෙලි සම්මාන උළෙලවල් විකාශය කරනු ලැබේ.

එම රංගන ශිල්ප ශිල්පීන් අතුරින් වෘත්තීය පෞර්ෂයෙන් පිරි කුසලතාවයන්ගෙන් පිරිපුන් රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීම සඳහා පාඨක හා ප්‍රේක්ෂක ඡන්දයෙන් පුළුල් ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් යටතේ සුදුස්සන් තෝරා ගැනීමට ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන බැව් සඳහන් කර ඇත.

එහෙත් මෙබඳු අවස්ථාවල නිවැරදි සුදුස්සා තෝරා ගැනීම වෙනුවට වෙනත් ආකාරයකට පාඨක හා ප්‍රේක්ෂක ඡන්ද ලැබීමට සැලැස්වීමේ උපක්‍රමශීලී අගතිගාමී හා අවිධිමත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් යටතේ නුසුදුස්සන් තෝරා ගැනීමට ක්‍රියාත්මක වන බැව් ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම ඛේදජනක හා අශීලාචාර තත්වය ජනප්‍රිය හා හොඳම රංග ශිල්ප ශිල්පිනීන් නිවැරදිව හා අවංකව තෝරා ගැනීමට ප්‍රබල බාධාවක් වන අතර, එම වැඩපිළිවෙළ කුසලතාවයෙන් පිරි වෘත්තීය නිපුණතාවයක් ඇති රංගන ශිල්ප ශිල්පීන්ට සිදුවන බලවත් අසාධාරණයකි. (දුමිලා විසින් ශිල්පිනියන් මේ සඳහා භාවිතා කර ඇති බව දැනගන්නට ලැබී ඇත). එමගින් ටෙලි සිනමා ක්ෂේත්‍රයට සිදුවන අපකීර්තිය හා පරිහානිය අතිමහත්ය.

මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන මෙබඳු අසාධාරණකම් හා විෂමතා තුළින් ජනප්‍රිය හා කුසලතා පිරි රංගන ශිල්ප ශිල්පීන් රැකබලා ගැනීම රූපවාහිනී නාලිකා වල පමණක් නොව ප්‍රේක්ෂක ජනතාවගේද මහත් වූ යුතුකමක් හා කාර්යභාරයක් බවද ඔවුන් එහිදී සඳහන් කර තිබේ.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved