Connect with us

ව්‍යාපාර

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

Published

on

මහබැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ්ව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

එහි ගැනුම් මිල රු. 311.26ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 328.60ක් ලෙසයි.

ඊයේ (22) දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330.16ක් දැක්වුණි.

ව්‍යාපාර

ගෑස් මිලත් එක්ක කොත්තු, රයිස් මිලත් බහියි

Published

on

By

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 20කින්ද කෙටි ආහාරවල මිල ගණන් රු. 10කින්ද අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පවසයි.

කෙසේවෙතත්, ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

ලාෆ්  ගෑස් මිලත් පහලට

Published

on

By

ලාෆ්  ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව  ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා  අද (3)  නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දැමූ බවත්,

නව මිල අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් පීරිස් මහතා විසින් පවසන ලදී.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3840 ක් දක්වා ද,
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද, අඩු වීම සිදුවේ.

Continue Reading

පුවත්

ලිට්‍රෝ මිල සංශෝධනයක්

Published

on

By

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා විසින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව, මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved