Connect with us

පුවත්

මූල්‍ය අරමුදලේ තාලෙ වෙනස්වෙලා – කිරිඇල්ල

Published

on

මූල්‍ය අරමුදලත් දැන් “තාලය” වෙනස් කර ඇතැයි ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනවරමක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල සැප්තැම්බර්  මාසයේ දී පැවසූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැන් කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ  ජනවරමක් අරගෙන දැයි මූල්‍ය අරමුදලෙන් විමසා සිටින බවද කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂය සමග සාකච්ඡා කොට එකඟතාවයෙන් ආණ්ඩුවට මූල්‍ය අරමුදලට යාමට තිබූ බව කී කිරිඇල්ල මහතා දැන් ජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති කාරණා සඳහා සහයෝගය දෙන්න අමාරු බව ද පැවසීය. 

පුවත්

මන්ත්‍රීලාගේ ඩියුටි ෆ්‍රී වාහන ‍තොප්පිය යාපා, ජනපතිට පාස් කරයි!

Published

on

By

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා ‍ වේ.

පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී කථානායකවරයා මේ බව මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බව ද පවසමිනි.

වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එකසියදහසය දෙනෙක් අත්සන් කර කථානායකවරයාට ලිපියක් භාර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී ද සාකච්ඡා කර තිබේ.

කෙසේ වුව ද එම කාරක සභාවට එක්ව සිට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළ කර ඇති බවද පැවසේ.

ඉහත සාකච්ඡාවට යළිත් එම යෝජනාව ඇතුළත් කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව ය. 

එම සාකච්ඡාව එක්ව සිට ඇති ඇතැම් මන්ත්‍රිවරු වාහන බලපත්‍රයක අවශ්‍යතාව කථානායකවරයට දැඩිව අවධාරණය කර තිබේ.

සබැඳි පුවත්
මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නතර වෙයිද?

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

එම නිවේදනය අද (11) රාත්‍රී 11.30 වෙනතුරු වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සම්පූර්ණ නිවේදනය,

Continue Reading

පුවත්

තනතුර ලැබුනොත් කරන දේ ගැන එළිසබෙත් හෙළිකරයි

Published

on

By

තමන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර පත්වීම ලැබුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බව එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවය.

මෙරට සුළු ජන කණ්ඩායම් කණ්ඩායම් වලට වගවීම, සත්‍ය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය ලබාදීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවද ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර කිරීම සඳහා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු රැස්වීමේදී සිය ආරම්භක ප්‍රකාශය සිදු සිදුකරමින් හෝර්ස්ට් මහත්මිය විසින්  මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved