Connect with us

පුවත්

අධිවේගයේ රථයක් හැපී රුසියානුවෝ 2ක් රෝහලේ!

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01.1 R කණුව ප්‍රදේශයේදී මාතර සිට කඩවතට ධාවනය වූ ලොරි රථයක ඊට පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් අවුරුදු 25ක් වන වෑන් රථයේ රියදුරු හා අවුරුදු 59 වැනි වියේ පසුවූ රුසියානු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පුවත්

හෙට පාසැල් නිවාඩුයි ද?

Published

on

By

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටී.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading

පුවත්

ජාත්‍යන්තර තේ දින උත්සවය  අවලංගු කෙරේ

Published

on

By

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් කොළඹ කිංස්බරි හෝටලයේ දී  මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ වලින් වැඩි කොටසක් මිල දී ගනු ලබන්නේ ඉරානය විසිනි.

එමෙන්ම ඉරානයෙන් ශ්‍රී ලංකාව විසින් ලබා ගත් ණය ආර්ථික අර්බුදය හේතුවෙන්  ගෙවීමට නොහැකිව සිටි අවස්ථාවේ ඒ සඳහා තේ ලබා ගෙන එම ණය මුදල් කපා හැරීමට ඉරාන රජය පියවර ගත්තේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඩයනාට ඇප

Published

on

By

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිට නැත.

එමෙන්ම ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ද ඇයට ඇප දීමට විරුද්ධත්වයක් නොදැක්වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved