අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද කාර්මික භූමිතෙල් ලීටරයක් රු. 134කින් ද අඩු කර තිබේ.
ඒ අනුව, භූමිතෙල් ලීටරයක නව මිල රු. 305ක්ද, කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රු. 330ක් ද වනු ඇත.
භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.