Connect with us

පුවත්

ආනයනික පොල්තෙල් බද්ද සීනි බදු වංචාවේ පාර්ට් ටූ?

Published

on

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 25ක බද්දක් පනවන බවට කලින් දැනුම්දීම සම්බන්ධයෙන් මේවන විට විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ.

ඒ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් කලින් ප්‍රකාශ කිරීම තුළින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයා හෝ පාරිභ‌ෝගිකයා ඉන් ආරක්ෂා නොවන තත්ත්වයක් නිසාය.

මේ වන විටද ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 15/- ක විශේෂ තීරු බද්දක් අයකරනු ලබයි.

කෙසේවුවද, රංජිත් සියඹලාපිටිය මහතා මේ ප්‍රකාශය කර ඇත්තේ ද‌ේශීය වෙළඳ පොළට නිකුත් කිරීම සඳහා ආනයනය කරන ලද පොල්තෙල් ටොන් දහදාහකට ආසන්න ප්‍රමාණයක්  බන්ධිත ගුදම්වල තිබියදී බවද‌ මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව බන්ධිත ගුදම්වල ඇති දේශීය වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත පොල්තෙල් රුපියල් 15/- පරණ බදු යටතේ ඔවුන්ට නිදහස් කිරීමට අවස්ථාව උදාවෙන අතර ඉන් රජයට රුපියල් බිලියන 2ක පමණ බදු ආදායමක් නැතිවී යන බව ආර්ථික විශ‌ේෂඥයින්ගේ මතය වේ.

මේ අතර, ඉකුත් සති කිහිපයේ  පොල්තේල් කිල‌ෝවක මිල රුපියල් 40කින් පමණ පහල ගොස් තිබිණි.

ඒ ඩොලරය‌ේ අගය අඩුවීම නිසා වන අතර පසුගිය සතියේ පොල්තෙල් කිලෝවක මිල සටහන්ව තිබුණ‌ේ රුපියල් 535/- ක් ලෙසය.

කෙසේවුවද, ඇමරිකානු ඩොලරය රුපියල් 302 සිට 333 පමණ දක්වා නැවත ඉහලයාමත් සමඟ මේවන විට පොල්තෙල් කිලෝවක මිල රුපියල් 565ක් පමණ දක්වා ඉහල ගොස් තිබේ.   

දැනට ලංකාවට පොල්තෙල් හා පාම් ඔයිල් ආනයනයේදී වරායේදී බදු නොගෙවන අතර  ඒ්වා බන්ධිත ගුදම්වල තැන්පත් කර තබා ඒවා වරින්වර නිදහසස් කිරීමේදී බදු ගෙවීම සිදුකරනු ලබයි.  

මේ තත්ත්වය හේතුවෙන් රජයට ආනයනික පොල්තෙල් බදු වලින් බදු අයකර ගැනීමට සිදුව ඇත්තේද වරින්වරය.

ආනයනික පොල්තෙල් බන්ධිත ගුදම් පවත්වාගනෙ යන සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී ඒ්ෂියන් සමාගම, නාරද ඇග්‍රෝ හා පිරමිඩ් විල්මා යන සමාගම් මෙසේ බන්ධිත පොල්තෙල් ගුදම් පවත්වාගෙන යන බව කියා සිටියේය.

මේ අතර, ආනයනික පොල්තෙල් බදු වැඩි කිරීමෙන් මෙරට පාරිභ‌ෝගිකයන්ට කිසිදු සහනයක් අත්නොවන බව පාරිභ‌ෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

ඊයේ (25) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම සංවිධානයේ සහාපති රංජිත් විතානගේ මහතා කියා සිටියේය. 

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved