පුවත්

ආනයනික භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Published

on

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ආනයනික චුයින්ගම් ඇතුළු රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබේ.

එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මගින් දක්වා ඇත.

Trending

Exit mobile version