Connect with us

ව්‍යාපාර

ඇමරිකාව ලංකාවට තෙල් බෙදිල්ල තව මාස 2කින් අරඹයි

Published

on

මෙරට ඉන්ධන අලෙවි කිරීමේ අනුමැතිය ලත් ඇමරිකානු සමාගමක් වන ආර් .එම්. පාර්ක්ස් ( RM Parks) සමාගම සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සමග ඊයේ (12)ගිවිසුමකට අස්සන් තැබීය.

ඉන්ධන ගබඩා කිරීම සහ බෙදාහැරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කර තිබේ.

කොළොන්නාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී මෙම ගිවිසුම අස්සන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳ පොළට එක්වීමට නියමිත මෙම සමාගමේ පළමු නැව මෙරටට ළඟාවීම සඳහා තවත් මාස 02 ක කාලයක් පමණ ගත වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන චිජේසේකර පසුගියදා කියා සිටියේය.

පුවත්

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි 

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරන ලදී. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය ක‍ෙර‍ෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පි. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති, පැන් ගොන්‍ශ‍ෙන් මහතා ගිවිසුමට අත්සන් තැබීය.

Continue Reading

පුවත්

ජනපති සුප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා (ඡායා)

Published

on

By

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ  ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය.

ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම  (Metallurgical Corporation of China Ltd),  හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ  විශේෂ සාකච්ඡා සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත්  කළ ජනාධිපතිවරයා  රජයක් ලෙස ආයෝජකයින්ට  සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද  සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

යූ ලිං මහත්මිය – BYD සමාගමේ අධ්‍යක්ෂිකා
වං ටොංජෝ මහතා – චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) සභාපති
ෂ දායි මහත්මිය – චයිනා මර්චන්ට් සමූහය (CMG)
මා යොංෂන් මහතා – සයිනොපෙක් සභාපති
ජෙෆ් වාං – හුවාවේ ටෙක්නොලොජීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

Continue Reading

ව්‍යාපාර

සිමෙන්ති මිල අඩු වෙයි ද?

Published

on

By

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට මුහුණ දෙන ලදී.

කෙසේවෙතත් මේ වන විට ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින් පසුබිම තුළ නැවත එම ක්ෂේත්‍රයේ නැගීමක් තිබෙන අතර සිමෙන්ති මිල තවදුරටත් පහත වැටීම ඉදිකිරීම් කර්මාන්තයට පිටුවහලක් වනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved