Connect with us

පුවත්

ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න ඩොලර් 50යි!

Published

on

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා එම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරිම සඳහා කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, නව මගී පර්යන්තය නාවික හමුදාවේ සහයෝගයෙන් ඉදිකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම මගී සේවාව ආරම්භ කිරීමත් සමඟම එක් යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට පමණ ගමන් කළ හැකි අතර අදාළ ගමනාන්තය සඳහා පැය 4ක කාලයක් වැයවනු ඇතැයි පැවසේ.

එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කිරීමටත්
 එක් මගියෙකුට කිලෝ 100ක භාණ්ඩ රැගෙනයාමටත් අවස්ථාව හිමිවන බව පැවසේ.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී යාත්‍රා සේවාවට සම්බන්ධ විය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටී. 

සබැඳි පුවත්

IMF එකෙන් ගත්ත ණයෙන් බාගයක් ඉන්දියාවට දීලා!

ලංකාවට ඉන්දියාවෙන් තවත් ණයක්; චීනයෙන් ණය ගන්න එපා – ඉන්ද්‍රජිත්

පුවත්

UNPය හා එකතුවීමට SJB කෘත්‍යාධිකාරියේ අනුමැතිය

Published

on

By

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ  යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

Continue Reading

පුවත්

‘ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් චීනය කැපවී සිටිනවා’

Published

on

By

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය.

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුව අද (16) පෙරවරුවේ සිදු කෙරුණු අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී  සභාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාඕ ලජී මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කිරීම චීන ජාතික කොංග්‍රසයේ අපේක්ෂාව බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ජනපති සුප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා (ඡායා)

Published

on

By

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ  ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය.

ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම  (Metallurgical Corporation of China Ltd),  හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ  විශේෂ සාකච්ඡා සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත්  කළ ජනාධිපතිවරයා  රජයක් ලෙස ආයෝජකයින්ට  සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද  සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

යූ ලිං මහත්මිය – BYD සමාගමේ අධ්‍යක්ෂිකා
වං ටොංජෝ මහතා – චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) සභාපති
ෂ දායි මහත්මිය – චයිනා මර්චන්ට් සමූහය (CMG)
මා යොංෂන් මහතා – සයිනොපෙක් සභාපති
ජෙෆ් වාං – හුවාවේ ටෙක්නොලොජීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved