එකම WhatsApp ගිණුමකට ජංගම දුරකතන කිහිපයකින් යාමට හැකිවනු ඇති බව Meta සමාගම දැනුම් දෙයි.
මේ දක්වා එක් අංකයකින් තැනුනු WhatsApp ගිණුමකට යා හැකි වූයේ එක් ජංගම දුරකතනයකින් පමණි.
නව යාවත්කාලීන කිරීමත් සමග එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 04කින් ලොග් වීමේ පහසුකම පරිශීලකයන් හට ලැබෙනු ඇත.
මෙම පහසුකම ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.