පුවත්

එයාර් චයිනා කටුනායක ගමන් නැවත අරඹයි

Published

on

චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා එයාර් චයිනා (Air China) ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ පවසන්නේ එම ගුවන් ගමන් එළඹෙන ජුලි මස 03 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවය.

ඒ අනුව චීනයේ සිචුආන් සිට ගමන් අරඹන එයාර් චයිනා (Air China) CA 425දරණ ගුවන් යානය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිතය.

එසේම කටුනායක සිට ගමන් අරඹන එයාර් චයිනා (Air China) CA 426 දරණ ගුවන් යානය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ සිචුආන් වෙත ළඟාවීමට නියමිතය.

Trending

Exit mobile version