ව්‍යාපාර

එළවළු මිල ඉහලට?

Published

on

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට දැඩි හානි සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයට ගැළපෙන පරිදි ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ පසුබිමක් තුළ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති බවය.

මේ හේතුවෙන් තවත් මාස එක හමාරකින් පමණ එළවලු සහ පළතුරුවල මිල ගණන් ඉහළ යා හැකි බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Trending

Exit mobile version