Connect with us

පුවත්

කොළඹ – ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්

Published

on

ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරන ලදී.

Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි, චෙන්නායි සහ මාලදිවයින දක්වා වූ ගමනාන්ත තුනකට සීමා වී  පැවතුNa athara බංග්ලාදේශය අතර නව මාර්ග ව්‍යාප්තියත් සමඟ ඔවුන්ගේ ඍජු ගමනාන්ත 04ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක මෙන්ම වාණිජ කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රගමනයක් සිදුවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කරන ලදී.

Fits Air ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවයයි.

පුවත්

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්  67කට ක්‍රිකට් උපකරණ

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලුදෙනාට ඒ මහතා සිය ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති තරුණ කටයුතු හා තිරසර සංවර්ධන  අධ්‍යක්ෂ සචිර සරත්චන්ද්‍ර, Youth vision 2048 සංවිධානයේ උපදේශක ආචාර්ය ලසන්ත ගුණවර්ධන, Youth vision 2048 සංවිධානයේ සභාපති ඩෑන් පෝද්දිවෙල,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  නිලධාරීන් සහ විදුල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (ජූලි 15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

ජල ගාස්තු සූත්‍රයට කැබිනට් අනුමැතිය

Published

on

By

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-04-08 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි සාකච්ඡාවට ගන්නා ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රයට සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කරමින් නව ගාස්තු ප්‍රතිපත්තිය සම සූත්‍රය ඉදිරිපත් කිරීමට නියම කර ඇත.

මේ අනුව සකස් කර ඇති සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සංශෝධිත ජල ගාස්තු සූත්‍රය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved