පුවත්

කෝටි 29000ක බැඳුම්කර 18 දා වෙන්දේසියේ

Published

on

රුපියල් කෝටි 29,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් 18 වෙනිදා බදාදා සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය 12 වෙනිදා පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී 2028 පෙබරවාරි 15 දින කල්පිරීම සඳහා රුපියල් කෝටි 10,000ක් වෙනුවෙන් ලංසු රුපියල් කෝටි 17875.1ක් ලැබී තිබුණු අතර 2029 ජූනි 15 දින කල්පිරීම වෙනුවෙන් වූ කෝටි 150,000 වෙනුවෙන් ලංසු රුපියල් කෝටි 34568.7ක් ලැබී තිබුණි. 2034 වසරේ සැප්තැම්බර් 15 දින කල්පිරීම වෙනුවෙන් වූ කෝටි 4000ක් වෙනුවෙන් රුපියල් 8078ක් ලැබී තිබුණි.

2028 පෙබරවාරි 15 කල්පිරෙන බැඳුම්කර වෙනුවෙන් 10.75%ක පොලියක්ද 2028 ජූනි 15 දින කල්පිරෙන බැඳුම්කර වෙනුවෙන් 11.75ක පොලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇත.

(සිළුමිණ)

Trending

Exit mobile version