කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන ගලදාරි හෝටලයේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර හෝටල් සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ඒෂියා පැසිෆික් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත භාර දී තිබේ.
මේ සම්බන්ධයේ ගලදාරි හෝටලයේ කොටස්කරුවන් වෙත නිවේදනයක් ද එහි ලේකම් කටයුතු සිදුකරන සමාගම විසින් නිකුත් කර තිබේ.
මෙම හෝටලය කළමනාකරණය කිරීමටත්, එහි සේවා නංවාලීමටත්, ගලදාරි හෝටලය හා රැඩිසන් හොටෙල් ඒෂියා පැසිෆික් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම අතර ගිවිසුම් දෙකක් අත්සන් කර තිබේ.
මේ වසරේ මැයි 01දා අත්සන් කර ඇති මෙම ගිවිසුම් එදින සිට බලපැවැත්වේ.
මේ අනුව, “ගලදාරි හෝටලය, රැඩිසන් බ්ලූ හොටෙල් ගලදාරි කලම්බු” යන නමින් නව සමාගම යටතේ කළමනාකරණය වේ.