Connect with us

පුවත්

ගෑස් මිල අඩු වීම සමඟ  රයිස් සහ කොත්තු මිල අඩුවේ

Published

on

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අද (05)  සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමටයි එම සංගමය තීරණය කර ඇත.

සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කර සිටියේ,  අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙන බවයි.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් තීරණය කලහ.

කිලෝ ග්‍රෑම් 12. 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කෙරුණු අතර කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරුණේ රුපියල් 160 කිනි. 

පුවත්

ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට

Published

on

By

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගත් බවය.

කොළඹ නගරයේ ක්‍රියාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ විරෝධී විමර්ශන අංශය හෙවත් ඊඩී මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙන අතර කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතිය ද ඊට ඇතුළත්ය.

කොළඹ නගරයේ අක්කර 4ක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

ඒ ක්‍රිෂ් රියල් ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළවය.

මෙම සමාගම දේපළ වෙළදාම් ව්‍යාපාරයේ නියැලී බොහෝ ආයෝජකයින්ට වංචා කර ඒ හරහා නීති විරෝධී ලෙස රුපියල් කෝටි සිය ගණනක් විදේශගත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අම්ට් කට්යාල් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම වන වන් ට්‍රාන්ස්වර්ක් ස්පෙයාර් හෙවත් මීට පෙර ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බූ පෞද්ගලික සමාගම වෙත ඉන්දීය ගැනුම්කරුවන්ගේ මුදල් යොදවා ඇති බවට චෝදනා එල්ලවී ඇත.

මෙම මුදල් නීත්‍යානූකූලව උපයාගත් ඒවා බව හගවමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති බවයි වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

By

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටත්, අභ්‍යන්තරව අවතැන්වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු ගෙන්වා ගැනීමටත්, ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමටත් මෙම සටන් විරාමය මග සලසනු ඇතැයි බලාපොරොත්තුවන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම තත්ත්වය පලස්තීනයේ සහ කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමට දායක වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට ලබන පෙබරවාරි 05 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 08 වැනිදා ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කර නිම කිරීම් සිදු කළ බව කියන සිද්ධියට අදාළව කරුණු දැක්වීම සඳහා එලෙස ඔහුව අධිකරණයට කැඳවා ඇති බව සඳහන්ya.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved