පුවත් ජනපති සුප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා (ඡායා) Published 6 months ago on January 16, 2025 By editor චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය. ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම (Metallurgical Corporation of China Ltd), හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්රමුඛ සමාගම් සමඟ විශේෂ සාකච්ඡා සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත් කළ ජනාධිපතිවරයා රජයක් ලෙස ආයෝජකයින්ට සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ජනාධිපති මාධ්‍ය අංශය) යූ ලිං මහත්මිය – BYD සමාගමේ අධ්‍යක්ෂිකා වං ටොංජෝ මහතා – චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) සභාපති ෂ දායි මහත්මිය – චයිනා මර්චන්ට් සමූහය (CMG) මා යොංෂන් මහතා – සයිනොපෙක් සභාපති ජෙෆ් වාං – හුවාවේ ටෙක්නොලොජීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න