Connect with us

ව්‍යාපාර

ට්විටර් ට සමාන ‘ත්‍රෙඩ්ස්’ අනිද්දා එළිදකියි!

Published

on

ට්විටර් යෙදවුමට සමාන ත්‍රෙඩ්ස් (Threads) නමැති නව යෙදවුමක් හඳුන්වාදීමට ෆේස්බුක් අයත් මෙටා සමාගම කටයුතු කරයි.

එම සමාගම පවසන්නේ මෙම නව යෙදවුම අනිද්දා (බ්‍රහස්පතින්දා) දින හඳුන්වාදීමට නියමිත අතර, එය ඉන්ස්ටර්ග්‍රෑම් වලට සම්බන්ධ කිරීමට නියමිතය.

මෙහි පෙනුම ට්විටර් වලට සමාන බව විදෙස් වාර්තා වල දැක්වෙන අතර, මෙටා සමාගම පවසන්නේ මෙය වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමක් බවයි.

මෙය, මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර පවතින ප්‍රසිද්ධ මත ගැටුමේ නවතම පියවර ලෙස සැලකේ.

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading

පුවත්

අන්තර්ජාල සේවා සඳහා VAT බද්දක්

Published

on

By

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සදහා වන අති විශේෂ ගැසට් නිවේදනය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතය.

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට එම බදු අය කිරීම ක්‍රියාත්මක වේ.

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින් සඳහා බදු අය කිරීමේ රජයේ සූදානම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවිය.

එවැනි පසුබිමක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි හිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගිය පළමු වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, විදේශයක සිටින තැනැත්තෙකු මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත බදු ගණනය කිරීම ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව සියයට 18% ක එකතු කළ අගය මත බද්ද මේ සඳහා ද අය කෙරෙනු ඇත.

මෙම ගැසට් නිවේදනයේ එමෙන්ම මෙම බදු අයකිරීම් අදාළ සේවාවන් ද දක්වා තිබේ.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් භාවිතයේදී ද ඔක්තෝබර් පළමු වැනිදා සිට එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතය.

එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවවාක් මෙම වැට් බද්දට අයත් වන බව ද එහි සඳහන්ය.

මෙම ගැසට් නිවේදනයේ එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට සපුරාලිය යුතු අවශ්‍යතා ද දක්වා තිබේ.

ඒ අනුව එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විදේශයක සිටින නැතහොත් නිර්වාසික තැනැත්තෙකු බදු ගෙවන්නා හදුනා ගැනීමේ TIN අංකයක් ලබා ගත යුතුය.

ගෙවුණු වසරක කාලසීමාව තුළ සේවා සැපයුම් වටිනාකම රුපියල් මිලියන 60 ඉක්මවන හෝ පසුගිය මාස 3ක කාලසීමාව තුළ රුපියල් මිලියන 15ක සීමාව ඉක්මවන නිර්වාසික තැනැත්තෙකු එකතු කළ අගය මත බදු පනතට අනුව ලියාපදිංචි වීමට බැඳී සිටින බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved