Connect with us

පුවත්

ටෙලිකොම් ඉඩම් පැවරීම් වල ගැටලුවක්; අලිරාජා ජනපති අල්ලන්න වලිකයි!

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ආර්ථික මර්මස්ථාන කිහිපයක පිහිටි ඉඩම්වල අයිතිය නිසි ලෙස එම ආයතනයට පවරා ‌නොතිබීමෙන් ආයතනයේ වටිනාකම තක්සේරු කිරීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.

එසේ අයිතිය නිසි ලෙස ‌නොලැබුණ ඉඩම් අතර වැලිකඩ හා පුංචි බොරැල්ලේ ටෙලිකොම් ඉඩම් ද තිබීම විශේෂිතය.

මේ අතර, මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා මේවන විට එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට විශාල උත්සාහයක යෙදී සිටින බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ් මේවන විට විකිණීමට තීන්දු කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමේ අවසන් ගිවිසුමකට වික්‍රමසිංහ මහතා සමග එළඹීමට බවද පැවසේ.

කෙසේවුවද, වෙළද පොළ ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ලයිකා මොබයිල් හට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම් මිලදී ගැනීමට ප්‍රමාණවත් මූල්‍යමය වත්කමක් ‌නොමැති බවයි.

ඔවුන්ට අදාළ සමාගම් ද්විත්වය මිලදී ගැනීමට නම් දැනට ඔවුන් සතු ඒංගලන්තයේ හෝ ප්‍රංශයේ ඇති වත්කම් විකුණා දැමීමට සිදුවනු ඇති බවයි.

දැනට ප්‍රංශයේ ඔවුන් සතු වත්කම් විකිණීමට නීතිමය බාධා ඇතිව ඇති බවත් වාර්තා වේ.

ඒ් එම සමාගමට  බදු නොගෙවීම හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නඩු පවරා තිබීම නිසාය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved