ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ආර්ථික මර්මස්ථාන කිහිපයක පිහිටි ඉඩම්වල අයිතිය නිසි ලෙස එම ආයතනයට පවරා නොතිබීමෙන් ආයතනයේ වටිනාකම තක්සේරු කිරීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.
එසේ අයිතිය නිසි ලෙස නොලැබුණ ඉඩම් අතර වැලිකඩ හා පුංචි බොරැල්ලේ ටෙලිකොම් ඉඩම් ද තිබීම විශේෂිතය.
මේ අතර, මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා මේවන විට එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට විශාල උත්සාහයක යෙදී සිටින බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ් මේවන විට විකිණීමට තීන්දු කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමේ අවසන් ගිවිසුමකට වික්‍රමසිංහ මහතා සමග එළඹීමට බවද පැවසේ.
කෙසේවුවද, වෙළද පොළ ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ලයිකා මොබයිල් හට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම් මිලදී ගැනීමට ප්‍රමාණවත් මූල්‍යමය වත්කමක් නොමැති බවයි.
ඔවුන්ට අදාළ සමාගම් ද්විත්වය මිලදී ගැනීමට නම් දැනට ඔවුන් සතු ඒංගලන්තයේ හෝ ප්‍රංශයේ ඇති වත්කම් විකුණා දැමීමට සිදුවනු ඇති බවයි.
දැනට ප්‍රංශයේ ඔවුන් සතු වත්කම් විකිණීමට නීතිමය බාධා ඇතිව ඇති බවත් වාර්තා වේ.
ඒ් එම සමාගමට බදු නොගෙවීම හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නඩු පවරා තිබීම නිසාය.