Connect with us

පුවත්

ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා හෙට (23) සිට දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බව සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ මහතා කියා සිටී.

‘රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් ආයතනය විකිණීම වහා නවතනු’ මැයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) මාධ්‍ය හමුවක් පැවැත්විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු රත්තරන් බිජු දමන කිකිළියක් බවත් වසර පහකට වරක් පත්වන එය සෑම රජයකටම ලබාදෙන දෑවැද්ද බවත් ලේකම්වරයා මෙහිදී කීය.

එම නිසා මෙවැනි දැවැන්ත ලෙස ලාබ ලබන ආයතනයක් කුණු කොල්ලයට විකුණා දැමීම හරහා මෙරට ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් එල්ල වන බවද හෙතෙම කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය රැක ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා ඔහු සිදුකරනු ලබන්නේ මෙරට ආදායම් ලබන ආයතන විකුණා දමා මහා භාණ්ඩාගාරය තරකර ගැනීම බවත් ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතිද විරෝධය දැක්වූහ.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලෝකයේ විශාල ආර්ථික ඇති දියුණු රටවල් ඊ වානිජ ලෝකය වෙත ගමන් කරමින් සිටින බැවින් රටක් දියුණු කිරීමට එරට සංනිවේදන පද්ධතියේ අයිතිය රජය සතුව තිබීම වඩාත් වැදගත් බවයි.

එසේම ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේවන විටත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය හා එහි දත්ත ගබඩාව තමන් සතුකර ගැනීමට ඉන්දීයාව ඉතා සූක්ෂමව කටයුතු කරමින් සිටින බවත්, එහි දෙවැනි පියවර ජාතික සංනිවේදන ජාලය සියතට ගැනීම බවයි.

ඔවුන් පෙන්වාදෙන්නේ ටෙලිකොම් මිලදී ගැනීමට උත්සාහ කරණ අදානි මෙන්ම ලයිකා හි හිමිකරු වන සුභාෂ්කරන් අලි රාජාද ඉන්දියාවට ඉතා පක්ෂපාතී අය බවයි.

අලි රාජා බොලිවුඩ් සිනමාවට සිය මුදල් ආයෝජනය කර එංගලන්තයේ පුරවැසිභාවය ලැබූ අයෙක් බවද ඔවුහු කියති.

ස්වර්ණවාහිනී ගනුදෙනුව

ඔහු ස්වර්ණවාහිනියට මුදල් ආයෝජනය කළ ආකාරය අදටත් රහසක්ව පවතින බවත්, ඔහු විසින් අදාළ මුදල් බැර කර තිබුණේ ඔහුට අදාල ගිනුමකින් නොවන බවත් පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඊඒපී ව්‍යාපාර සමූහය, මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබියදී ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ‘ස්වර්ණවාහිනී’ මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් වලින් කොටසක් මිලදී ගත් විදේශීය සමාගමේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් බව රාජ්‍ය බුද්ධි අංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබූ බවද එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් 2019 නොවැම්බර් 15 වැනිදා MOD / TEC / 01 / MGMR Network / 2019 (04) යන ලිපි අනු අංකය මගින් මේ බැව් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබිණි.

ඊඒපී ව්‍යාපාර සමූහයේ වත්කම්වලින් කොටසක් මෙසේ මිලදී ගත්තේ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) සඳහාය.

මේ වන විට අදාළ සමාගම ලංකාවේ නීති රීති ද උල්ලංඝනය කරමින් ස්වර්ණවාහිනියේ 60%ක හිමිකාරිත්වය වක්‍රාකාරයෙන් ලබා ගැනීමට සමත්ව සිටී.

ඒ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) විසින් එහි 40%ක ප්‍රමාණය හා ඇලෙක්ස් ලොවෙල් නැමැත්තා මෙහි ඉතිරි 20% ක ප්‍රමාණය මිලදී ගෙන තිබීම මගිනි.

එසේම ඊඒපී ව්‍යාපාර සමූහයට අයත් ස්වර්ණමහල්, ඊඒපී චිත්‍රපට හා අනෙකුත් සමාගම් සියල්ලට හිමි 40%ක කොටස් හිමිව ඇත්තේ සිංගප්පූරු සමාගමක් වන බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) සඳහාය.

බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික (Ben Holdings Pvt) සමාගමේ එල්.ටී.ටී.ඊ.යට සෘජු සම්බන්ධකම් ඇති පුද්ගලයන් තිදෙනෙකු සිටින බවට හෙළිවූයේ මේ සමාගම විසින් MGMR Networks (Pvt) Ltd වෙත අයත් මැක්ස් රූපවාහිනී (MGM Networks) ආයතනය මිලදී ගැනීමට කටයුතු කිරීම නිසාය.

එහිදී අදාළ රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට පෙර එම මිලදී ගැනීම සිදු කරනු ලබන සමාගමේ සිටින අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතිකයක් ගතයුතු අතර අදාළ නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට යාමේදී මේ තොරතුරු හෙළිදරව් වී තිබිණි.

ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය මිලදී ගැනීමේදී අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතික ගැනීමට අවශ්‍යවී නොමැති අතර ඒ අදාළ රූපවාහිනී නාලිකාව සතු බලපත්‍රය පැරණි එකක් වීම නිසාය.

ඊඒපී ව්‍යාපාර සමූහයට මුදල් යොදවන ලද බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික (Ben Holdings Pvt) සමාගම, බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) හා ඇලෙක්ස් ලොවෙල් යන සියලුම පාර්ශවලට මුදල් ලබාදී ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයකු වන ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් කෝටිපතියකු බවට පත්වූ අලිරාජ් සුභාෂ්කරන් මහතා විසින් බවත් හෙළි විය.

ඔහු බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු බවද පැවසේ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved