Connect with us

පුවත්

බැසිල් ආ ගමන් පොහොට්ටුව වැඩ අල්ලයි: සිරිකොත හලෝ බිලත් කියයි

Published

on

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබිණි.

එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ අන්තර්ජාල ගාස්තු ලෙස රුපියල් තුන්ලක්ෂ පනස්පන්දහසක්ද, දුරකථන ඇමතුම් ගාස්තු ලෙස රුපියල් අනුඑක්දහසක මුදලක්ද හිඟ බිල්පත් ලෙස පවතින බවය.

මෙම හිඟ මුදල 2016 වසරේ සිට මේ දක්වා ගෙවා නොමැති බවත් අවස්ථා කිහිපයකදීම මෙම හිඟ බිල්පත් ගෙවන ලෙස දැනුම් දුන්නද මෙතෙක් ඒවා ගෙවා දැමීමට පියවර ගෙන නොමැති බවත් සභාපතිවරයා එහිදී හෙළිකර තිබිණි.

එම නිසා ටෙලිකොම් ආයතනය විකිණීමට පෙර සිය පක්ෂ මූලස්ථානයේ දුරකථන බිල්පත් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ නම් ඉතා යහපත් බවද හෙතෙම ඔච්චම් කරමින් පවසා ඇත.

මේ අතර, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා 20 ලංකාවට පැමිණීමෙන් පසුව එම වෘත්තීය සමිතිය සහභාගිවූ පළමු මාධ්‍ය හමුවද මෙය වේ.

Continue Reading

පුවත්

දමිතා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරයි

Published

on

By

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබුණි.

කෙසේවෙතත් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.

Continue Reading

පුවත්

පිරමිඩ ජාවාරම් කළ තවත් ආයතන 4ක් මහ බැංකුව තහනම් කරයි

Published

on

By

නීතිවිරෝධී අන්දමින් මහා පරිමාණ පිරමීඩ ජාවාරම් සිදුකරමින් ජනතාවගේ රුපියල් කෝටි ගණනක තැන්පතු ලබාගත් ආයතන 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (2 වැනිදා) දැනුම් දුන්නේය.

එලෙස තහනම් කරන ලද ආයතන හරහා පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, කළමනාකරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.

Beecoin App/ Sunbird Foundation, Fast win (Pvt) Ltd, Fruugo online App/ Fruugo online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd යන ආයතන 4 සම්බන්ධ‍යන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වල නිරත වූ ආයතන රැසක් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

Continue Reading

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved