ඡායාරූප සටහන තුර්කි ගුවන්සේවය කොළඹට ඍජු ගුවන්ගමන් අරඹයි (ඡායා) Published 2 years ago on October 30, 2023 By editor ලොව ප්‍රමුඛතම ගුවන්සේවයක් ලෙස හැඳින්වෙන තුර්කි ගුවන්සේවය (Turkish Airlines) කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමට (AASL) අනුව, කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ඇරඹෙන්නේ දස වසරකට පසුවයි. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ඍජු ගුවන් ගමන් 4ක් ක්‍රියාත්මක වේ. මේ අනුව පැමිණි තුර්කි ගුවන්සේවයේ පළමු ගුවන් යානය (TK 730) මගීන් 261 දෙනෙකු සමඟ අද (30) පෙ.ව. 5.41 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ගොඩබස්වා ඇති අතර, උත්සවාකාර ජල ආචාරයක් ලබාදෙමින් යානය පිළිගෙන තිබුණි. ඉන්පසුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ලංකා තේ තෑගි ඇසුරුම් එහි මගීන් වෙත පිළිගන්වනු ලැබීය. (ඡායා : BIA ෆේස්බුක් පිටුවෙන්) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්6 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්7 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්4 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්7 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා2 days ago ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්