විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙයි.
පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බරද එහි දැක්වේ.
ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය. තවද, පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය.