බිත්තර මිල සඳහා පවතින පාලන මිල ඉක්මවා වෙළදපොල තුළ බිත්තර අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහළ ගිය අතර එය පාලනය සඳහා රජය විසින් පාලන මිලක් නියම කරනු ලැබීය.
එසේ පාලන මිලක් නියම කළ ද රතු බිත්තරයක් රුපියල් 55කටත් සුදු බිත්තරයක් රුපියල් 54කටත් අලෙවි වන බවත්, සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680ත් අතර මිලකට අලෙවි වන බවද ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම වෙළඳපොලේ බිත්තර හිඟයක් ද පවතින බව ඔවුන් වැඩිදුරටත් පවසයි.