පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවය.
එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබී තිබේ.
ඒ අනුව කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇත.
ඕනෑම සහල් වර්ගයක් ආනයනයට හැකියාව තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේය.