පුවත්

බදු 2ක් යළි වැඩිවෙයි

Published

on

එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජනාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු අතර ඊට යොදා ගැනුණු එතනෝල් බද්ද 2020 අප්‍රේල් 30 සහ ජුනි 09 යන දිනවල දී අවස්ථා දෙකක දී පහත දමා තිබුණි.

බද්ද යළි ඉහළ දැමීමත් සමග රජයේ රු. බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරයි.

මේ අතර, රා ලීටරයක් සඳහා අය කෙරුණු රු. 25ක සුරා බද්ද රු. 50 දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේ දී එය රු. 25ක් දක්වා පහත දැමුවද, එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් යළි බද්ද පෙර පැවැති මට්ටමට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

Trending

Exit mobile version