ලොව සුපිරි ධනවතෙකු හා ප්රමුඛ ව්‍යවසායකයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක්, කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence) හා සම්බන්ධ නව ආයතනයක් ආරම්භ කරන බව පවසා ඇත.
xAI නම් මෙම නව සමාගමේ වැඩකටයුතු සඳහා OpenAI හා Google වැනි සමාගම් වල කලින් වැඩකළ එංජිනේරුවන් ඇතුළු පිරිසක් බඳවාගෙන තිබේ.
මෙම සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ xAI හි අරමුණ වන්නේ “විශ්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීම” බවයි.
මේ පිළිබඳව හෙට දිනයේදී ට්විටර් ස්පේස්ස් චැට් ඔස්සේ වැඩිදුර අදහස් දැක්වීමට මස්ක් අදහස් කර සිටියි.