ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණි.
තවද, අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙසද මෙහිදී තීරණය විය.
මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වන බවත්, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතින බවත් මහ බැංකුව පවසයි.