ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එහිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය අද (12) දහවල් 2න් අවසන් විය.
මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සලකා බලනු ලැබීය.
ඒ අනුව
Jio Platforms Ltd, Gujrat, India
Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited
Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd
යන සමාගම්වලින් යෝජනා ඉදිරිපත්ව තිබේ.
2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගයීමට ලක්කෙරේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබයි.