ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම සමඟ අත්සන් තබා ඇති මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත වේ.
මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහාය චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම වෙතින් ලැබෙනු ඇත.