මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවනු ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 442ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, අද (22) දිනයේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසා තිබුණේ ඉන්දියාවේ අදානි සමුහය මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ප්‍රගතිය පිළිබඳව එම සමාගමේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (22) කොළඹදී පැවැත්වුණු බවයි.