රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි.
එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම සංගම් නියෝජිතයින් පෙන්වාදෙයි.
මෙම වැඩසටහන පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවය.
(මූලාශ්‍රය අද දෙරණ)