අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් සංශෝධනය වන අයුරු ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 100කින් පහත දමා ඇති අතර, එහි නව මිල රු. 3,638කි.
තවද, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 40කින් රු. 1,462ක් දක්වාද, කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රු.19 කින් රු. 681ක් දක්වාද අඩු කර ඇත.
මේ අතර, ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි වැඩිදුරටත් දැක්වේ.