පුවත්

ලිට්‍රෝ වෙතින් මහා භාණ්ඩාගාරයට බිලියන 1.5ක්!

Published

on


ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු පැවසුවේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවය.

මේ පිළිබඳ අදහස් දැක්වු මුදිත පීරිස් මහතා,

“කෝටි 150ක මුදලක් අද දවසේ අපේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම බිලියන 1.5ක මුදල සිලින්ඩරයක අඩුකරලා අපි ජනතාවට ඒ අවශ්‍යතාවය අඩුකරන අතරම, ආයතනය ශක්තිමත් කරන අතර අපි සාධාරණ සුළු ලාභයක් ලැබුවා. පහුගිය මාස කිහිපය තුළ ලබපු ඒ සාධාරණ ලාභය අරපිරිමැස්මෙන් එකතු කරලා රජයට මුදල් අවශ්‍යම මොහොතේ අපි නියම අයිතිකාරයා විදියට සලකන්නේ රජයේ භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය වෙත ඒ මුදල් නිකුත් කරන්න අපි තීරණය කළා.”

Trending

Exit mobile version